ධර්මරත්න සහෝදරයෝ සහ මගේ ගීත නිර්මාණ සහ මතක චාරිකාවෙන් බිදක් ....

Sunday, January 16, 2022

රොබින් ප්‍රනාන්දු මතකය ....

 


සිංහල සිනමාවට සටන් කලාව හදුන්වා දීමෙි පුරෝගාමියා රොබින් ය. එතෙක් මෙරට සිනමාවෙි පැවැති අඩි-පුඩි සෙල්ලං සටන් ක්රමය ඔහු සමිපූර්ණයෙන්ම කණපිට පෙරලුවෙිිය. සටන තුළද කිසියම් කලාවක් නිර්මාණය කළ හැකි බව අපේ සිනමා අධ්යක්ෂක වරැන්ට පමණක් නොව ඉන්දියානු සිනමා කරැවන්ටද පැහැදිළිව ඔප්පු⁣ කළේ ඔහුය. එකල ඉන්දියානු සිනමා විචාරකයන් පවා මෙරට චිත්රපටවල සටන් ඉන්දියානු චිත්රපටවල සටන්වලට වඩා අනර්ඝ තත්ත්වයක පවතින බව පිලි ගත්හ. රොබින්ගේ මෙම වික්රමීය වෙනස සටනට එක් වූයේ 'හාර ලක්ෂේ' චිත්රපටයේ සටන් තුළිනි. එම සටන් දෙවැනි වූයේ එකල අතීශයින් ජනප්රියව පැවැති ජේමිිස් බොන්ඩිි චිත්රපටවල සටන්වලට පමණෙකි.

රොබින්ට සටන් ආභාෂය ලැබුණේ පාසැල් යන වියේ්දීම ය. කොටහේනේ ශාන්ත බෙනඩික් විද්යාලයේ ශිල්ප හදාරණ සමයේ විද්යාලීය ජිමිනාස්ටික් කණ්ඩාමෙිි සාමාජිකයකුව සිටි ඔහු සෑම වසරකම පාහේ විද්යාලීය ජවන හා පිටිය ක්රීඩා තරග උළලේදී ගිනි වළලු මැදින් පනිමින් විස්කමි ප්රදර්ශනය කළ ක්රීඩකයෙකි. සෑම වසරකදීම පාහේ තමන් පනින ගිනි වළලු ප්රමාණය වැඩි කිරීමට ඔහු සමත් විය. එදෙස පාසැලේ ළමුන් බලා සිටියේ ඇස් දල්වාගෙන ඉමහත් විමතියෙනි. ඔහුගේ අවසාන වසරේදිි කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි ඔහු ගිනි වළලු 10 ක් අතරින් කිසිදු උපද්රවයක් නොලබා පැන්නේ බලා සිටි සියල්ලන් විශ්මිත කරවමිනි.
රොබින්ගේ දස්කමි මුලින්ම හදුණා ගත් තැනැත්තා 'කලා' සිනමා සගරාවෙි ප්රධාන කර්තෘව සිටි අභාවප්රාප්ත ආරියරත්න කහවිට මහතා ය. 'චණ්ඩියා' චිත්රපටයේ මහා නලු ගාමිණී ෆොන්සේකා මහතා සමග නාන තටාංගනයක කෙරැණ සටන සදහා එහි නිෂ්පාදක කේ.ගුණරත්නමි මහතාට ඔහු නිර්දේශ කළේ කහවිට මහතා ය. රොබින්ගේ මුල් සිනමා රංගනය එය විය.
රොබින් දුර ගමනක් යෑමට ආරම්භය ලැබුවෙි එමගිනි.

රොබින් තුළ තමා පිළිබදවද තම සටන් විෂය පිළිබඳවද ආත්ම අභිමානයක් පැවැතියද ඔහු එකල තිරයේ සටන් ජවනිකාවලට පෙනී සිටි සහ සටන් අධ්යක්ෂනය කළ කිසිවකුට ආඩමිබර නොපෑ නිරහංකාර පුද්ගලයකු විය. එසේම පසු කලෙක චරිතාංග නලුවකු බවට පත් වුවද ඔහු කිසි විටෙක තමාට සුපුරැදු සටන කලාව අත් නොහළේය. ඒ වෙනුවට එය තවදුරටත් ප්රගුණ කළේය.
රොබින් කරාටෙි,කුන්ෆු,කඩු සටන්,හෙල්ල සටන්, ජිමිනාස්ටික්, බල්ටි, ලෝං පෝල්, අසු පිට යෑමි යනාදි සටන් කලාවට නෑකමි කී බොහෝ ශාස්ත්රයන් ඉගෙන ගත්තේය. රොබින්ගේ දක්ෂකමි වලින් මෙරට සිනමා කරැවන් ප්රයෝජනයක් ගත්තාදැයි සැක සහිතය.
ඔහු⁣ට තිබුණේ තමාටම ආවෙිනිකවූ රංගන ශෛලියකි. එය ඔහු කළ සටන් තරමි ප්රවෙිගකාරිි නොවු, සෙමෙන් ගලා යන දිය පහරක් මෙන් මන්දගාමි නිසල ශෛලියකි. අධි රංගන ශෛලියක් කිසි විටෙක ඔහුගේ රගපෑමි තුළින් පුකට නොවීය.
රොබින් නලු කමෙිි ගරැත්වය රැකගෙන ජීවත් වුයෙකි. ඉංග්රිිසි බස හා සිංහල බස මනාව හැසිරවූ ඔහු කිසිවිටෙක පටු වාසි තකා දේශපාලකයන් පසු පස්සේ නොගිය නලු කමෙි ගරැත්වය රැකගෙන ජීවත් වූයෙකි.
හිතාදර රොබින් ..අපි ඔබට සමු දෙන්නේ බලවත් වෙිදනාවෙනි. ඔබ අපගේ සිත් සතන් ප්රබෝධමත් කළ අපූරැ මිනිසෙකි. ඔබගේ මතක⁣ය සැමදාමත් අප හා පවතිනු ඇත.
ඔබට නිවන් සුවය පතමු.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. 

1 comment:

  1. ඇත්තටම ඔහුගෙන් සිනමාව වැඩක් ගත්තෙ නැතිතරම්..
    නිවන් සුව රොබින් මහතාණෙනි

    ReplyDelete

පහුගිය සතියේ වැඩිපුර බැලු සටහන්